Bride සුන්දරත්වය තවත් වැඩි කර පෙන්වන අංගයක් තමයි Wedding bouquet එක. එය dress එකේ හැඩය සහ Brideගේ රූපයට අමුතුම සුන්දරත්වයක් එකතු කරනවා. ඔයා Wedding bouquet එක, එහෙමත් නැත්නම් මල් කළඹ සැකසීම සඳහා මල් වර්ගයක් තෝරා ගැනීමේදී ඒවා සුවඳවත් විය යුතුද, සුවඳ අඩු විය යුතුද, වර්ණවත් විය යුතුද, දුර්ලභ හෝ පොදු විය යුතුද යන්න තීරණය කළ යුතු වෙනවා. ඉතින් Bride කෙනෙක් වන දිනක, ඔයා අත දරන්නට බලාපොරොත්තු වන Wedding bouquet එක සකසා ගත යුත්තේ කුමන මල් වර්ග වලින්ද යන්න ඔයාම තීරණය කරන්න.තවද ඔයාගේ Wedding bouquet එකට මල් තෝරා ගද්දී මේ දේවල් ගැනත් බලන්න ඕන. ඔයා තෝරාගන්න dress එකට, dress එකේ colour එකට ගැළපෙන විදිහට තමයි මල් වර්ගය සහ colours Match කරන්න ඕන. ඒ සඳහා ඔයාගේ beauticianගේ සහය ලබා ගන්නත් පුළුවන්.පහත උදාහරණ ඔයාට ඒකට ලොකු පිටුවහලක් ලබා දේවි.

 

  • පියෝනි (Peony)     
    • පියෝනි (Peony)
                                        මෙම මල් වර්ගයේ හිස තරමක් විශාලයි. ඒ වගේම මේවා තද සුවඳකින් සහ දීප්තිමත් පැහැයකින් යුක්තයි. වෙනත් මල් වර්ග හා මිශ්‍ර කරනවාට වඩා, Peony මල් පමණක් යොදාගෙන Wedding bouquet එක කිරීමෙන් එයට වැඩි ප්‍රභාවත් බවක් එකතු වෙනවා. Wedding bouquet එක සැකසීම වෙනුවෙන්, මේවා තනි වර්ණයකින් හෝ වර්ණ දෙකකින් යොදා ගන්නවා නම් හොඳයි.

 

  • ස්ටෙෆනෝටිස් (Stephanotis)
    • ස්ටෙෆනෝටිස් (Stephanotis)
                Stephanotis මල් තුලින් විවාහ ජිවිතයේ ප්‍රීතිය සංකේතවත් කරනවා. ඔයාගේ Wedding bouquet එක සැකසීම සඳහා මේ මල් යොදා ගැනීම ගොඩක් වැදගත් වේවි. මේ මල් වල හැඩය කුඩා තරු වගෙයි. මෙය සාම්ප්‍රදායික මනාලියකට නම් හොඳින්ම ගැළපෙනවා. සෞම්‍ය සුවඳකින් යුතු මේ මල් වර්ගයේ මිලත් අන් මල් වර්ග වලට සාපේක්ෂව අඩුයි.

 

  • රනුකුලස් (Ranunculus)
    • රනුකුලස් (Ranunculus)
                                   මෙම මල් රෝස මල් සහ Peony මල් වෙනුවට ආදේශකයක් ලෙස භාවිතා කරන්න පුළුවන්. මෙහි ඇති විශේෂත්වය තමයි මේවායේ මිල අනෙක් ඒවාට සාපේක්ෂව අඩු වීම. මේවා භාවිතා කළොත් Wedding bouquet සහ flower decorations සඳහා යන වියදම අඩු කර ගන්න පුළුවන්. ඒ වගේම ඔයාගේ සුන්දරත්වයක් වැඩි කරන්නත් මේ මල් වර්ගය උදව් වෙනවා.

 

  • ගාර්ඩනියා Gardenia
    • ගාර්ඩනියා (Gardenia)
                        පෙති යන්තම් තෙත් ස්වභාවයක් ගන්නවා. මේවා ඉතාමත් සුවඳ මල් වර්ගයක්. මේ Wedding bouquet යොදා ගන්නා සේම, Brideගේ හිස කෙස් සැරසීමට යොදා ගන්නවා

 

  • රෝස් (Rose)
    • රෝස් (Rose)
                              රෝස මල් කියන්නේ සුන්දරත්වය සහ ආදරය සංකේතවත් කරන මල් වර්ගයක්. තනි වර්ණයෙනුත්, ද්වි වර්ණයෙනුත් සමන්විත වන රෝස මල් වර්ගයන් තිබෙනවා.හැම රෝස මලම එක ලෙස සුවඳ ගෙන නොදෙන අතරම, රෝස මල් කළඹක් සඳහා වර්ණයන් උපරිම තුනක් තෝරා ගැනීම ගනු ලබනවා.

 

  • ලිලී Lily
    • ලිලී (Lily)
                            මේ මල් වර්ගය පෙනුමින් පුංචි හොරණෑවක ස්වරූපය ගන්නවා.මේවායෙන් මහානුභාවසම්පන්න බව සහ සුන්දරත්වය සංකේතවත් කරනවා.මේ මල් වල වර්ණයන් කහ, ක්‍රීම් , තැඹිලි සහ තද දම් පැහැයෙන් යුක්ත වෙනවා.නමුත් බොහෝ විට Wedding bouquet එක සඳහා ගැලපෙන්නේ ඇත්දළ ක්‍රීම් පැහැති මල්.

 

 

Add Comment

Minimum 4 characters
Call Us 0710985255