Bride සුන්දරත්වය තවත් වැඩි කර පෙන්වන අංගයක් තමයි Wedding bouquet එක. එය dress එකේ හැඩය සහ Brideගේ රූපයට අමුතුම සුන්දරත්වයක් එකතු කරනවා. ඔයා Wedding bouquet එක, එහෙමත් නැත්නම් මල් කළඹ සැකසීම සඳහා මල් වර්ගයක් තෝරා ගැනීමේදී ඒවා සුවඳවත් විය යුතුද, සුවඳ අඩු විය යුතුද, වර්ණවත් විය යුතුද, දුර්ලභ හෝ පොදු විය යුතුද යන්න තීරණය කළ යුතු වෙනවා. ඉතින් Bride කෙනෙක් වන දිනක, ඔයා අත දරන්නට බලාපොරොත්තු වන Wedding bouquet එක සකසා ගත යුත්තේ කුමන මල් වර්ග වලින්ද යන්න ඔයාම තීරණය කරන්න.තවද ඔයාගේ Wedding bouquet එකට මල් තෝරා ගද්දී මේ දේවල් ගැනත් බලන්න ඕන. ඔයා තෝරාගන්න dress එකට, dress එකේ colour එකට ගැළපෙන විදිහට තමයි මල් වර්ගය සහ colours Match කරන්න ඕන. ඒ සඳහා ඔයාගේ beauticianගේ සහය ලබා ගන්නත් පුළුවන්.පහත උදාහරණ ඔයාට ඒකට ලොකු පිටුවහලක් ලබා දේවි.
- පියෝනි (Peony)
- ස්ටෙෆනෝටිස් (Stephanotis)
- රනුකුලස් (Ranunculus)
- ගාර්ඩනියා Gardenia
- රෝස් (Rose)
- ලිලී Lily